ආණ්ඩුවට උදවු කරන පොරොන්දුවට බාර් ලයිසන් හතක් විපක්ෂයට.

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තවත් හත් දෙනකු ආණ්ඩුවෙන් මත්පැන් අලෙවිසල් බලපත්‍ර (බාර් ලයිසන්) ලබාගෙන ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ගවලින් පැවසෙනවා.

මෙසේ මත්පැන් අලෙවිසල් බලපත්‍ර ලබාගෙන ඇති මන්ත්‍රීවරුන් පිරිසට කුරුණෑගල දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු දෙදෙනෙක්, ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු දෙදෙනෙක්, කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් සහ දකුණු පළාතේ මන්ත්‍රීවරු දෙදෙනෙක් ඇතුළත් .

ආණ්ඩුවට සම්බන්ධවී උදව් කරන බවට පොරොන්දුවීමෙන් පසු ඔවුන්ට මෙම මත්පැන් අලෙවිසල් බලපත්‍ර ලබාදී ඇති බව දැනගන්නට තිබෙනවා.

මේ අතර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක්ද මත්පැන් බලපත්‍ර දැනටමත් ලබාගෙන ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කළා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *