විදෙස් ගමන් බලපත්‍රවල කාලය ගැන විශේෂ තීන්දුවක්.

ජූලි 01 වැනිදා සිට කල් ඉකුත්වන විදෙස් ගමන් බලපත්‍රවල කාලය වසරකින් දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

ඊ පාස්පෝර්ට් ලබාදිමේ අරමුණින් එම තීරණය ගත් බවයි ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කළේ.

කිසියම් විදෙස් ගමන් බලපත්‍රයක් වලංගු වසර 10ක කාල සීමාව ඉක්මවීමෙන් පසුව ඊට තවත් වසරක කාලයක් ලබා දෙන්නේ ඊ පාස්පෝර්ට් නිකුත් කරන තුරු පමණක් බව පාලක ජනරාල්වරයා පවසනවා.

නොවැම්බර් මාසයේ සිට ඊ පාස්පෝර්ට් නිකුත් කිරීම අරඹනු ලබන අතර සාමාන්‍ය විදෙස් ගමන් බලපත්‍ර හිමියන් කඩිනමින් ඊ පාස්පොර්ට් ලබා ගන්නා ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *