පිලිපීනයේ ප්‍රබල භූ කම්පනයක්

පිලිපීනයේ මින්දනාවෝ දූපත ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක් ඇතිව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 6.7ක් ලෙස සටහන්ව ඇති බවයි.

කිලෝ මීටර් 630ක් පමණ ගැඹුරින් එම භූ කම්පනය වාර්තා වී ඇති අතර ඉන් ගොඩ බිමට හානිය අවම බව පැවසෙයි.

නමුත් පසු කම්පන සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන ලෙස දූපත් වාසීන්ගෙන් බලධාරීන් ඉල්ලා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *