පිරමීඩ පන්නයේ ආයතන 17ක් ගැන මහ බැංකුවෙන් අනතුරු ඇඟවීම්.

පිරමීඩ ක්‍රමයට නීතිවිරෝධීව ජනතාවගේ මුදල් තැන්පත් ලබා ගත් ආයතන දාහතක් මේ වන විට හඳුනාගෙන ලැයිස්තුගත කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

පසුගිය කාලයේ විවිධාකාරයේ පිරමීඩ ජාවාරම් ක්‍රියාත්මක වූ බවත්, ඒවා පාලනය කිරීමට කටයුතු කර ඇති බවත් මහ බැංකුව පෙන්වා දෙයි.

එහෙත් ඕනෑම අවස්ථාවක එවැනි ජාවාරම් යළි මතුවීමේ අවදානමක් පවතින බැවින් ඒ සම්බන්ධයෙන් දන්නා තොරතුරු දැනුම් දීම ජනතාවගේ වගකීමක් බව ද මහ බැංකුව පවසයි.

මෙවැනි ජාවාරම් හෝ මීට අදාළව තමන්ට සිදුවී ඇති අකටයුතුකම් පිළිබඳව මහ බැංකුවේ ‘‘බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව’’ ට පැමිණිලි කිරීමට මහ බැංකුව මහජනතාවට අවස්ථාව සලසා තිබේ. එමෙන්ම එවැනි ඇතැම් ආයතන මහ බැංකුව මගින් අධීක්ෂණය වන බවට අසත්‍ය ප්‍රචාර ගෙන යන බවත්, එවැනි කාරණා පිළිබඳව තොරතුරක් ලද වහාම දැනුම් දෙන ලෙස ඉල්ලා සිටින බවත්, මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය. එවැනි තොරතුරක් ලැබුණ සැණින් ඒ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කරන බව ද ඔහු කීය.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *