විමර්ශන නතර කරන ලෙසට පියුමි ඉල්ලයි.

තමන්ගේ ඉපයීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශන වළක්වන ලෙසට ඉල්ලා නිරූපිකා පියුමි හංසමාලි ගොනු කළ රීට් පෙත්සම සලකා බැලීමට අභියාචනාධිකරණය දින නියම කර තිබෙනවා.

ඒ අනුව අදාළ පෙත්සම ලබන 15වැනිදා කැඳවීමට නියමිතයි.

එහි දී පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිසියේ අධ්‍යක්ෂකවරයා, නීති විරෝධී වත්කම් විමසන කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයා හා ස්ථානාධිපතිවරයා පැමිණිලිකාර සංජීව මහවත්ත ඇතුළු පිරිසක් නම් කර ඇති බව සඳහන්.

නිරූපිකා පියුමි හංසමාලි විසින් මෙම පෙත්සම ගොනු කර ඇත්තේ, නීතිඥ සංජීව ඇන්තනී මහතා හරහායි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සිදු කරන විමර්ශන වළක්වමින් මැන්ඩා මුස්රීට් ආඥාවක් වග උත්තරකරුවන්ට එරෙහිව නිකුත් කරන ලෙසට ඉන් ඉල්ලා තිබෙනවා.

වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසත්, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පෙත්සම්කාරිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන ට අදාළ ගොනුව අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරන ලෙසත්, නීති විරෝධී වත්කම් විමර්ශනයට අදාළ පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව විමර්ශන සිදුකරන ලෙසට වගඋත්තරකරුවන් කරුවන්ට නියෝග කරන ලෙසත් පෙත්සම් මගින් වැඩිදුරටත් ඉල්ලා ඇති බව සඳහන්.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *