පොහොර වර්ග 5ක මිල අඩු කරයි.

රාජ්‍ය පොහොර සමාගම විසින් නිෂ්පාදනය කරන පොහොර වර්ග 5ක මිල ගණන් අද (17) සිට අඩු කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය පොහොර සමාගම දැනුම්දී තිබේ.

ඒ අනුව රුපියල් 1,500 සිට රුපියල් 2,000 දක්වා මුදලකින් පොහොර මිල අඩු කිරීමට පියවර ගන්නා බව එම සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා පවසයි.

කුරුඳු, තේ හා පොල් යන වැවිලි බෝගවලට භාවිත කරන පොහොර මිල ගණන් අඩු කිරීමට පියවර ගන්නා ලෙස රාජ්‍ය පොහොර සමාගමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ද උපදෙස් දී තිබුණි.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී පොහොර මිල අඩුකිරීම් ප්‍රකාශයට පත් කර තිබුණි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *