පොහොට්ටුව හදිසියේම මන්ත්‍රීවරුන් සහ සියලු සංවිධායකවරුන් කැඳවයි.

0
73

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සියලු සංවිධායකවරුන් කොළඹට කැඳවා තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අදාළ කැඳවීම සිදුකර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සංවිධායකවරුන් නෙළුම් මාවතේ පිහිටි පක්ෂ මූලස්ථානය වෙත පෙරවරු 10.45ට කැඳවා ඇති බව සඳහන්.

ඉදිරි දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙම හමුවේ අරමුණ වී තිබෙනවා.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර පසුගියදා පැවති සාකච්ඡාවේ දී ගනුලැබු තීන්දු තීරණ පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here