Thu. Sep 19th, 2024

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා හෙට (07) දිනයේ ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.

හෙට පෙරවරුවේ සුබමොහොතින් සිය පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත්කරන බව එම පක්ෂයේ මහලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම් මාවතේ පිහිටි ප්‍රධාන පක්ෂ කාර්යාලයේ පැවැත්වෙන විශේෂ උත්සවයක දී ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.

ඉදිරි ජනාධිපතිවරණය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වෙනම අපේක්ෂකයෙකු ප්‍රකාශයට පත්කිරීමට එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය පසුගියදා පියවර ගනු ලැබීය.

එම තීරණයත් සමග පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළකිරීමට තීරණය කළ අතර එලෙස ජනාධිපතිවරයාට සහය පළකිරීමට ඉදිරිපත් වූ මන්ත්‍රීවරුන්ගේ ආසන සංවිධායක ධුර ද ඉවත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන මේ වන විට කටයුතු කර තිබේ.

ඒ අනුව නව සංවිධායකවරුන් යටතේ දිස්ත්‍රික් මට්ටමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධාන කටයුතු සක්‍රීය කිරීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

ඊයේ දිනයේ දී හොරණ ප්‍රදේශයේ පාක්ෂිකයින් පිරිසක් අමතමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ පක්ෂය වෙනුවෙන් කැපවී කටයුතු කරන බවය.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *