Thu. Sep 19th, 2024

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තවත් පිරිසක් ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා.

රඹුක්කන ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරුන් 18 දෙනෙකු සමඟ මෙම තීරණය ගත් බවයි, රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ප්‍රකාශ කළේ.

මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව දැනුම්දුන්නා.

එහි දී අදහස් පළ කරමින් අදාළ නියෝජිතයින් ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යථාර්තය වටහගැනීමට අපොහොසත් වී ඇති බවයි.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයේදී එම පක්ෂයේ ලකුණින් වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට ගත් තීරණයේ කිසිදු වෙනසක් සිදුකර නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික මිලින්ද රාජපක්ෂ මහතා අද (02) ප්‍රකාශ කළා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ, එම තීරණය මේ දක්වා අභියෝගයට ලක් වී නොමැති බවයි.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *