අල්ලස් ගත් පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට.

මහබාගේ පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් පරීක්ෂකවරයෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වත්තල, පල්ලියවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුවයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

පැමිණිලිකරු විසින් ලබාදී ඇති අගරු චෙක්පත් 2කට අදාළව මහබාගේ පොලිස් ස්ථානයේ කර ඇති පැමිණිල්ල විභාග කර, ඉතිරි මුදල මාසික වාරික ලෙස ගෙවීමට ඉඩ සලසා දිමට හා පැමිණිලිකරු අධිකරණයට ඉදිරිපත් නොකර සිටීම සඳහා රු 25,000ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ චෝදනාව මතයි අදාළ පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට පත්ව තිබෙන්නේ.

ඊයේ (03) සවස වැලිසර ආර්ථිකයට ගමන් කරන මාර්ගයේ දී අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අදාළ නිලධාරියාව අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන බවයි පැවසෙන්නේ.

අත්අඩංගුවට ගත් පොලිස් පරීක්ෂකවරයා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *