Official Paththare Web Portal

උත්තර ලංකා සභාගයට මහනුවරදී හූ තියයි

මහනුවර පැවති උත්තර සභාගයේ දේශපාලන රැස්වීමක් අවසන් වීමෙන් අනතුරුව ඊට එරෙහිව පිරිසක් විරෝධය පළ කර තිබෙනවා.

මහනුවර දිස්ත්‍රික් උත්තර සභාව දේශපාලන රැස්වීම අද (13) මහනුවර පුෂ්පදාන ශාලාවේදී පැවැත්වූ අතර,අදාළ රැස්වීම අවසන් වීමෙන් අනතුරුව විමල් වීරවංශ මහතා ඇතුළු දේශපාලනඥයින් පිරිස ශාලාවෙන් පිටතට යන අවස්ථාවේ එම ස්ථානයට පැමිණ සිටි තරුණයෝ කණ්ඩායමක් ඔවුන්ට හූ කියමින් පරුෂ ආකාරයෙන් බැනවැදීම හේතුවෙන් දෙපිරිස අතර දැඩි උණුසුම්කාරි තත්ත්වයක් හටගනු ලැබුවා.

එම විරෝධතාව මධ්‍යයේ විමල් වීරවංශ මහතා තම ආරක්ෂකයන් සමග උත්සව ශාලාවෙන් බැහැර වාහනයෙන් පිටත්ව ගියද පැවති උණුසුම් තත්ත්වය හේතුවෙන් වාසුදේව නානායක්කාර, තිස්ස විතාරණ ඇතුළු පිරිසක් ශාලාව තුළින් එළියට පැමිණීමට නොහැකිව ශාලාව තුළම සිටි බවයි වාර්තා වන්නේ.

දෙපාර්ශවය අතර ඇති වූ කලබලකාරී තත්ත්වය දිගින් දිගටම පැවතින මොහොතේ වාසුදේව නානායක්කාර හා තිස්ස විතාරණ පොලිස් ආරක්ෂාව මධ්‍යයේ තම වාහනවලට නැඟ පිටවී ගියේ දැඩි හූ හඬ විරෝධයක් මධ්‍යයේ යි.

මෙහිදී දෙපාර්ශවය අතර උණුසුම් තත්ත්වය විනාඩි 15ක් පමණ පැවති බව වාර්තා වනවා.