Paththare

Official Paththare Web Portal

ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න සම්මන්ත්‍රණ මාලාවක් පවත්වනවා..

ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීම සඳහා දිවයින පුරා සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමට උත්තර ලංකා සභාගයේ පළමු විධායක රැස්වීමේ දී තීරණය කර තිබේ.එම රැස්වීම කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේ දි පැය 3කට අධික කාලයක් පවත්වා ඇති අතර එහිදි පක්ෂයක් ලෙස ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බව සඳහන්ය.

විශේෂයෙන් එළැඹෙන මැතිවරණවලදී ක්‍රියාකළ යුතු ආකාරය සහ කාන්තා නියෝජනය ඉහළ නැංවීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් මෙහිදී යෝජනා වී ඇති බව වාර්තා වේ.

එම රැස්වීම සඳහා සෑම පක්ෂයකින්ම සාමාජිකයින් 5 දෙනෙකු ඉදිරිපත් විය යුතු අතර ඉන් එක් අයෙකු කාන්තාවක විය යුතු බවටද තීරණය කර තිබේ.රැස්වීම අවසන් වීමෙන් අනතුරුව අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා,

“ඉතා වේගයෙන් අපේ වැඩකටයුතු කරන බවට එක සාධකයක්. මේ උත්තර සභාගයේ තිබෙන සුවිශේෂත්වය තමයි හැමදාම අනෙක් පක්ෂ යට කරගෙන ගිය ප්‍රධාන පක්ෂයක් කියලා මේකේ එකක් නැහැ. පක්ෂයේ දිග පළල කෙතරම් වුවත් සෑම පක්ෂයකටම විධායක සභාවට පස් දෙනෙකු පත්කිරීමේ අවස්ථාව තිබුණා. ඉන් එක්කෙනෙක් කාන්තාවක් වියයුතුයි. කාන්තා නියෝජිතයින්ට සුවිශේෂී සැලකිල්ලක් දක්වලා තිබෙනවා. අපි ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර ලබාදෙමින් රට වටා සම්මන්ත්‍රණ මාලාවක් පවත්වන්නට අපි තීරණය කළා. මේ ප්‍රශ්නවලට ආණ්ඩුව අපි ගේන උත්තර ක්‍රියාත්මක කළත් නැතත් අපි ජනතාවත් එකක් එකතුවෙලා ඒ උත්තර මේ මහපොළොවේ පැළ කරනවා.”