Official Paththare Web Portal

2048 දී ශ්‍රී ලංකාව සංවර්ධිත රාජ්‍යයක් බවට පත්කිරීම මූලික අරමුණ

නිදහසින් වසර 100ක් සම්පූර්ණ වනවිට ශ්‍රී ලංකාව සංවර්ධිත රාජ්‍යක් බවට පත්කිරීම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

අද පාර්ලිමේන්තුවේදී 2023 වසරට අදාළ අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළකළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා.

“තරගකාරී නවීන ආර්ථිකයක් සඳහා වූ අපේ ගමන මේ අයවැයත් සමඟ 2023 වසරේ අපි ආරම්භ කරනවා. නිදහසින් වසර 100 සපිරෙන 2048 වනවිට සංවර්ධිත රාජ්‍යක් බවට ශ්‍රී ලංකාව පත්කරන පසුබිම මේ අයවැය යෝජනා හරහා සකස් කරනවා.”