හරක් මරන පක්ෂ සංවිධායක මාට්ටු.

පොළොන්නරුව දිවුලාන ප්‍රදේශයට මී ගව සොරකමට ආ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයකු ඇතුළු සිව් දෙනෙකු, අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ටාස අපරාධ විමර්ශන අංශය සඳහන් කරනවා.

මෙම සොරකමට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පළාත් පාලන අපේක්ෂකයා, පසුගිය පළාත් පාලන මැතිවරණයට ප්‍රධාන පක්ෂයකින් ඉදිරිපත්ව දැනට කොට්ඨාස සංවිධායකයකු ලෙස කටයුතු කරන බවයි වාර්තා වන්නේ,

අත්අඩංගුවට ගත් සැකකරුවන් පොළොන්නරුව ගල්ලෑල්ල තඹල ප්‍රදේශයේ පදිංචි අවුරුදු තිස්පහත් පනස් පහත් අතර වයසේ පසුවන්නන් බවත්, ඔවුන් වසර ගණනාවක සිට පොළොන්නරුවේ ප්‍රදේශ කිහිපයක ගවයන් සොරකම් කර මස්කරමින් රාත්‍රී කාලයේ බස් රථවල කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන හෝටල් රැසකට ප්‍රවාහනය කරන ලද පුද්ගලයන් බවත් හෙළි වී තිබෙනවා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *