Sat. Jul 27th, 2024

ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය රනිල් වික්‍රමසිංහ මහතා හට හිමි වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නවල පිළිතුරු ලබා දෙමින්.

එහි දී රාජපක්ෂවරුන් ප්‍රමුඛ ආණ්ඩුවක් නිර්මාණය කරන බවට සිදු වන දේශපාලන සංවාද සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා.

ඊට පිළිතුරු ලබා දෙමින් ඔහු කියා සිටියේ, රාජපක්ෂ පාලනය අවසන් වී ඇති බවයි.

“වර්තමාන දේශපාලනය තීරණය වෙන්නේ ආර්ථිකය මත. වෙනදා වගේ ආගම ජාතිය ගැන කතා කරලා වැඩක් නැහැ. මෙරටේ ආර්ථිකය සහ සංවර්ධනය. මේක ගොඩගන්න පුළුවන් කුමන පක්ෂයකට ද කාටද කියන එක. මේක 1977 මැතිවරණය වගේ තමයි. 77 මැතිවරණයත් ආර්ථිකය මත සටන් වැදුණ මැතිවරණයක්. ඒ වගේ තත්තවයක් රටට ඇතිවෙලා තියෙන්නේ. පොහොට්ටුව කොහොමත් ජනාධිපතිවරණයට එන්නේ නැහැ. ඒ ගොල්ලෝ අන්තීමට රනිල් වික්‍රමසිංහට සහයෝගය දෙයි.

ප්‍රශ්නය – ඔබතුමාගේ සහයෝගය රනිල් වික්‍රමසිංහ මහතාට ද.?

මම ඉන්නේ සමගි ජනබලවේගයේ. මට හොඳට දැනෙනවා. මම ඉදිරියට කියන්නම්. රාජපක්ෂලා දැන් නැහැනේ. එන මැතිවරණයට මහින්ද රාජපක්ෂ එන්නෙත් නැහැ විශ්‍රාම යනවා. චමල් රාජපක්ෂත් විශ්‍රාම යනවා. ඉතුරු වෙන්නේ නාමල් රාජපක්ෂ. නාමල් රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහට විරුද්ධව කතා කරගෙන යනවා. අපි බලමු මොකද වෙන්නේ කියලා. පොහොට්ටුවේ සියයට 90ක් විතර ඉන්නේ රාජපක්ෂ ආණ්ඩුවක් හදන්න ඔනේ කියන තත්ත්වයේ නෙවෙයි.”

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *