කොදෙව් ක්‍රිකට් ගොඩ ගන්න ලංකාවෙන් යන පුහුණුකරුවා

හිටපු ශ්‍රී ලංකා පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයකු වන රමේෂ් සුබසිංහ බටහිර ඉන්දීය කොදෙව් පිරිමි ක්‍රිකට් ඇකඩමියේ ප්‍රධාන පුහුණුකරු ලෙස තෝරා පත් කරගෙන තිබෙනවා.

මීට පෙර ඔහු නවසීලන්ත ක්‍රිකට් සංවර්ධන වැඩසටහනේ ප්‍රධාන පුහුණුකරුවෙකු ලෙස සහ කුසලතා සංවර්ධන කළමනාකරු ලෙස ද කටයුතු කර තිබුණා.

රමේෂ් සුබසිංහ ICC තුන්වන මට්ටමේ පුහුණුකරුවකු ලෙස ද සිය සුදුසුකම් සම්පූර්ණ කර තිබෙනවා.

අයදුම්කරුවන් 53 දෙනෙකු අතුරින් ඇකඩමියේ ප්‍රධාන පුහුණුකාර ධුරය සඳහා ඔහු තෝරා පත්කර ගෙන ඇති බව වාර්තා වනවා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *