මන්ත්‍රී වාහන බලපත්‍ර ඉල්ලීම් ජනපතිට.

තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබාදෙන ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කර තිබෙන ඉල්ලීම ජනාධිපති රනිල් වික්‍රමසිංහට යොමු කිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

පාර්ලිමේන්තුවේ පැවති ඉහළ පෙළේ සාකච්ඡාවක දී කථානායකවරයා මේ බව මන්ත්‍රිවරුන්ට දැනුම් දී ඇත්තේ තමන්ට ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට හැකියාවක් නොමැති බව පවසමින්

වාහන බලපත්‍ර ඉල්ලා පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරු එකසියදහසය දෙනෙක් අත්සන් කර කථානායකවරයාට ලිපියක් භාර දී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් පසුගිය සතියේ පැවති පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ දී ද සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වුව ද එම කාරක සභාවට එක්ව සිට ඇති විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ඒ සම්බන්ධයෙන් විරෝධය පළ කර තිබෙනවා.

ඉහත සාකච්ඡාවට යළිත් එම යෝජනාව ඇතුළත් කර ඇත්තේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ තීරණයකට අනුවයි.

එම සාකච්ඡාව එක්ව සිට ඇති ඇතැම් මන්ත්‍රිවරු වාහන බලපත්‍රයක අවශ්‍යතාව කථානායකවරයට දැඩිව අවධාරණය කර තිබෙනවා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *