මැති ඇමති වාහන සිහින ජනපති අතට.

තීරු බදු රහිත වාහන බලපත්‍රය ඉල්ලමින් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු අත්සන් කළ ලියවිල්ල කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පසුගිය සතියේදී බාරදී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කතානායකවරයා පැවසුවේ ඒ පිළිබඳව ජනාධිපතිවරයාගෙන් මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නැති බවයි.

තීරු බදු රහිත වාහන බලපත්‍රය ඉල්ලා මෙම ලියවිල්ල අත්සන් කළ පිරිසට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු 116 ක් ඇතුළත් වුණා.

කෙසේ වෙතත් රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින මේ මොහොතේදී මන්ත්‍රීවරුන් වාහන බලපත්‍රය ලබාගැනීමට සමගි ජන බලවේගය පක්ෂය ප්‍රතිපත්තියක් හැටියට විරුද්ධ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළා.

මෙම වාහන බලපත්‍රය පිළිබඳ කාරණය පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා කෙරුණු අවස්ථාවේදී ඒ පිළිබඳ විරෝධය පළ කළ බවද ඔහු පැවසුවා.

මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත බලපත්‍රයක් ලබාදීමේ ඉල්ලීමට පාර්ලිමේන්තු ගෘහකාරක සභාවේද අනුමැතිය හිමිවුණා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *