රන්ජන්ව නිදොස් කොට නිදහස් කරයි.

මහනුවර ප්‍රදේශයේ කාන්තාවකට විවාහ පොරොන්දු දී මූල්‍ය වංචාවක් කළැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනප්‍රිය නළු රන්ජන් රාමනායක මහතාට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කිරිමට මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් චාමර වික්‍රමනායක මහතා නියෝග කර තිබෙනවා.

මහනුවර ප්‍රදේශයේ කාන්තවකට විවාහ පොරාන්දුවක් දී රුපියල් ලක්ෂ 10 ක මුදලක් වංචා කළ බවට එම කාන්තාව විසින් පොලිසියට කරනු ලැබූ පැමිණිල්ලක් අනුව මෙම නඩුව ගොනු කර තිබුණා.

මෙම නඩුව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ සහ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ වසර 13 ක පමණ කාලයක් විභාග වුණා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *