ඉංග්‍රීසි හෝඩියෙන් ඇදහිය නොහැකි වාර්තාවක් තබා ගිනස් පොතට ගිය තරුණයා.

නිතර අළුත් වන ගිනස් ලෝක වාර්තා අතරට ගිය, ඉන්දීය තරුණයෙක් ගැනයි මේ සටහන.

ඔහු නමින් එස්.කේ. අෂ්රෆ් (SK Ashraf)

හයිද්‍රබාද් හි වෙසෙන අෂ්රෆ්, ලෝක වාර්තාවක් තැබීමට සමත්කම් දක්වන්නේ ඉංග්‍රීසි හෝඩිය පසුපසට (Z to A) ටයිප් කරමින්.

ඒ තත්ත්පර 2.88ක කෙටිම කෙටි කාලයක් ඇතුළත !! ඒ කියන්නේ තත්පර 3කටත් අඩු කාලයකින් !

අෂ්රෆ් ලෝක වාර්තාව තැබූ වීඩියෝව මේ වන විට සමාජ මාධ්‍යයේ වැඩි අවදානයක් දිනාගෙන.

විශේෂත්වය වෙන්නෙ ඉංග්‍රීසි හෝඩිය එක්ක සෙල්ලම් දාලා අෂ්රෆ් ලෝක වාර්තා අතරට ගිය පළමු වතාව මෙය නොවීම.

මීට ඉහතත් ඔහු අඩුම කාලයකදී ඉංග්‍රීසි හෝඩිය නිවැරුදි පිළිවෙළට පසුපසට ටයිප් කිරීමේ ලෝක වාර්තාව තමන් සතු කරගෙන. ඊට වැය වී ඇති කාලය තත්ත්පර 3.37ක් බව සඳහන්.

ඒ කියන්නෙ මෙවර ඔහු අළුත් කරලා තියෙන්නෙ තමන් මීට පෙර තබන ලද වාර්තාවක්ම තමයි.

මේ, ගිනස් ලෝක වාර්තා කමිටුව විසින් අෂ්රෆ් ලෝක වාර්තාව තැබූ වීඩියෝව බෙදාගෙන තිබූ අයුරුයි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *