රයිස් – කොත්තු – ප්ලේන් ටී මිල පහළට

විදුලි බිල අඩුවීමේ සහනය ලෙස අද (16) මධ්‍යම රාත්‍රියේ සිට ආහාර වර්ග කිහිපයක මිල ගණන් පහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල්හිමියන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර සිටියේ, සාමාන්‍ය බත් පැකට්ටුවක මිල රු 25කින් අඩුකරන බවය.

මේ අතර රයිස් සහ කොත්තු මිලත් රු 25කින් පහළ දමන අතර, පරාටා, බිත්තර රොටි සහ කෙටි ආහාර වර්ග සියල්ල රුපියල් 10කින් පහළ දැමීමට නියමිතය.

ප්ලේන් ටී එකක් රුපියල් 5කි අඩු කිරීමට නියමිත අතර මෙම සහනය දිවයින පුරා සියලු පාරිභෝගිකයින්ට ලබාදීමට කටයුතු කරන ලෙසට ද සභාපතිවරයා ආපනාශාලාහිමියන්ගෙන් ඉල්ලා සිටියේය.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *