Thu. Sep 19th, 2024

ජනාධිපතිවරයා මැතිවරණ නීති උල්ලංඝනය කරමින් සිදුකරන නීති විරෝධි ක්‍රියාදාමයන් නැවැත්වීමට කටයුතු කරන්නැයි මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද පැවති සමගි ජන බලවේගයේ මාධ්‍ය හමුවේදීයි.

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයෙන් පරාජය කිරීමට කුමන්ත්‍රණ රැසක් රට තුළ ක්‍රියාත්මක වූවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පරාජය වැලැක්විය නොහැකි බව ඔහු එහිදී අවධාරණය කර සිටියා.

මැතිවරණ නීති රීතිවලට පටහැනිව ක්‍රියාකරන ජනාධිපතිවරයා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් බිලිබා ගැනීම කළත් ඔහු නියත වශයෙන්ම පරාජය වන බවයි මුජිපර් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

ජනාධිපතිවරයාගේ ඡන්ද සළකුණ නිසා ජනතාවට ගෑස් පෝලිම් යුගය ආදි ගැටළු නැවතත් නැවතත් මතක්වන බවත්, එකළ ජනතාවට ප්‍රශ්න ඇති කළ මැති ඇමතිවරු රාශියක් මේ වන විට ජනාධිපතිවරයා සමග එක්ව සිටින බවත් ඔහු ප්‍රකාශ කළා.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *