සා. පෙළ විභාග මධ්‍යස්ථානයේ යකා නැටු “මව” අත්අඩංගුවට.

අනුරාධපුර සහිරා විද්‍යාලයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ පැවැත්වෙන විභාග මධ්‍යස්ථානයක ඊයේ (14) නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.

ඒ, එම විද්‍යාලයේ සිසුවෙකුගේ මවක් අදාළ විභාග මධ්‍යස්ථානයට අනවසරයෙන් ඇතුළු වී එහි සිටි සිසුන් පිරිසකට පහරදීම උත්සහ කිරීම හේතුවෙන්.

අනුරාධපුර – ගම්බිරිගස්වැව මනාර්ලුලුම් මුස්ලිම් මහා විද්‍යාලයේ සිසු සිසුවියන් කණ්ඩායමක්, අනුරාධපුර සහිරා මුස්ලිම් විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයට සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට අනුයුක්ත කර ඇති අතර, එම විද්‍යාලයේ සහ සහිරා විද්‍යාලයේ සිසුන් කණ්ඩායම් දෙකක් අතර ගැටුමක් හටගෙන තිබෙනවා.

අනතුරුව එක් සිසුවෙකුගේ මවක් මෙලෙස එම විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයකට අනවසරයෙන් ඇතුළු වී එහි සිටි සිසුන් පිරිසකට පහරදීමට උත්සහ කර ඇති බවයි වාර්තා වන්නේ.

සාමාන්‍ය පෙළ විභාගය ආරම්භක දිනයේ සිට මේ දක්වා එම සිසුන් දෙපිරිස අතර නිරන්තරයෙන් බහින්බස්වීම් ඇතිව තිබෙන බවත් පෙරේදා උදෑසන එම බහින්බස්වීම් ගුටි බැට හුවමාරුවක් දක්වා දුරදිග ගොස් ඇති බවත් සඳහන්.

එම ගැටුමට මැදිහත් වූ පාසල් සිසුවාගේ මව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනතුරුව, දැඩි ලෙස අවවාද කර පොලිස් ඇප මත මුදාහැරිමටයි පොලිසිය කටයුතු කර ඇත්තේ.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *