Fri. Oct 18th, 2024

අනුරාධපුර ශ්‍රී ධර්මාලංකාර ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනිය දරුවන්ට රජයෙන් දෙන උදෑසන ආහාර වේලේ මැයි මස 29 වන දින උදෑසන ආහාර වේල නවතා එම මුදලින් ගණ දෙවි පූජාවක් කර ඇති බවට පාසලේ දරුවන්ගේ දෙමාපියෝ මැසිවිලි නගති.

අනුරාධපුර නගරයෙන් මදක් දුරින් පිහිටා ඇති අසරණ දුප්පත් දෙමාපියන්ගේ දරුවන් යන එන පාසලක් වන මෙම පාසලේ දෙමාපියන්ට දරුවන්ට තුන්වේලක් කන්න දෙන්නවත් වත්කමක් නැති පසුබිමක රජයෙන් එක් වේලක් හෝ ලබා දීම අස්වැසිල්ලකි. එසේ වුවද මෙම විදුහලේ විදුහල්පතිනිය දරුවන්ට උදෑසන ආහාර ලබාදෙන මුදල එදින තම පූජාවට ගැනීම නිසා දරුවන් බොහෝ පිරිසක් ක්ලාන්ත වී ඇති බවද දෙමාපියෝ පවසති.

පාසලේ විදුහල්පතිනිය මෙම එක් පන්තියකින් දෙමාපියින්ගෙන් මුදලින් රුපියල් දහස බැගින් රුපියල් පහළොස්දහසක මුදලක් වෙනමම පූජාව සඳහා එකතු කර ඇති බව කියයි. 29 වැනිදා දරුවන් සඳහා ආහාර වේල සැකසීමට ඇති පන්තියේ දෙමාපියන්ට එම ආහාර වේල සැකසීම පසෙක දමා එම මුදලින් පූජාවට අවශ්‍ය ද්‍රව්‍ය ලබා ගෙන ඇතැයි කියයි. එම පණිවුඩය යවා ඇත්තේ වට්ස් ඇප් මාර්ගයෙනි.

පාසලේ දරුවන්ගේ දෙමාපියන් නගන චෝදනා ගැන විමසුවිට විදුහල්පතිනි සුසිලා හෙට්ටිආරච්චි ප්‍රකාශ කළ්, මේ කරනු ලබන සියලුම චෝදනා ප්‍රතික්ෂේප කරන බවය.

මං මේ පූජාව වාර්ෂිකව කරන නිසා අද වෙනකන් මේ පාසලේ කිසිම දරුවෙක්ට කරදරයක් වෙලා නෑ. පූජාව තිබ්බ දවසේ උදේ වරුවෙයි දවල් වරුවෙයි බත් දෙකක් දෙන එක තේරුමක් නැති නිසා මං ඒ අයට කලින් දෙමාපියන්ව දැනුවත් කරලා තිබ්බේ උදේට ගෙදරින් කෑම දීලා එක්කන් එන්න කියලා දරුවෝ පාසලට. ඒ නිසා ඒ දෙමාපියෝ ඒ විදිහටම කරලා තිබ්බා. ඒ හන්දා කිසිම දරුවෙක් සිහි නැතුව වැටුණේ නෑ. අනික් එක අපි මේ තීන්දු තීරණ ගත්තේ විධායක කමිටුව, ආහාර කමිටුව රැස්කරලා. මේ වගේ පුණ්‍ය කටයුතු කරනවට අකමැති අය තමයි මේ විදිහේ බොරු සමාජගත කරන්නේ යැයිද විදුහල්පතිනිය පැවසුවාය.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *