සිංගප්පූරුවේ කොවිඩ් රැල්ලක් රෝහල් ගත වන ප්‍රමාණය ඉහළට.

සිංගප්පූරුවේ කොවිඩ් 19 රෝගීන් වාර්තා වීම දෙගුණ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වී තිබෙනවා.

එරට සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශයක් උපුටා දක්වමින් එම වාර්තා සඳහන් කළේ, මෙම රැල්ලේ ගමන් මග සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවයි.

ආසාදිතයින්‌ රෝහල ගත වීම 181 සිට 250 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.

අත්‍යවශ්‍ය නොවන සැත්කම් කල් දැමීමට පියවර ගන්නා ලෙසට සෞඛ්‍ය අමාත්‍යංශය රජයෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

රෝහල් ඇඳන් ධාරිතාව ආරක්ෂා කිරීම එහි අරමුණ වී ඇති බව සඳහන්.

ඉදිරි සති දෙක හෝ හතර තුළ රැල්ල උපරිම විය හැකි බවයි, සෞඛ්‍ය අමාත්‍ය ඔන්ග් යේ කුං අවධාරණය කළේ.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *