බස්රථ 25ක් බැතිමතුන් 1,300ක් ‘නොමිලේ ශ්‍රීපාද වන්දනාවට’ ගෙන ගිය හැටි

මෙරට විශේෂ චාරිකා සඳහා වෙන්කර ඇති පුද්ගලික බස්රථ 25ක් එක්ව සිදුකළ වටිනා පුණ්‍යකර්මයක් ගැනයි මේ තොරතුරු වාර්තා වුණේ.

ඒ බැතිමතුන් 1,300ක් කිසිදු අයකිරීමක් නොමැතිව නොමිලේ ආහාර පාන ලබාදී සිරිපා කරුණා කරවීමට අවස්ථාව සලසා දීමයි.

හම්බන්තොට, මාතර, ගාල්ල, හිනිදුම, මැදමුලන, තංගල්ල, කුරුණෑගල, ගම්පහ, උඩුගම්පොළ, අම්බලන්ගොඩ, පිළිමතලාව ආදි ප්‍රදේශ රැසකින් බැතිමතුන් විශාල පිරිසක් ශ්‍රී පාද වන්දනාවේ යෙදී සිටියා.

ගමන ආරම්භ කළ අවස්ථාවේ සිට බැතිමතුන් සිය නිවෙස්වලට යන අවස්ථාව දක්වාම ප්‍රවාහනය හා ආහාර ආදී සියලු සංග්‍රහ සත්කාර එම බස්රථ හිමියන් විසින් දරනු ලැබීම මෙහි විශේෂත්වයයි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *