ජයග්‍රහණයකින් අවසානය සනිටුහන් කළ ශ්‍රී ලංකාව.

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (17) පැවැත්වුණු ශ්‍රී ලංකා – නෙදර්ලන්ත තරගයේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ නෙදර්ලන්ත කණ්ඩායම ලකුණු 83කින් පරාජයට පත් කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනාගත් නෙදර්ලන්ත කණ්ඩායම පළමුව පහරදීමේ අවස්ථාව ශ්‍රි ලංකා කණ්ඩායමට ලබා දුන්නා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 06ක් දැවී ලකුණු 201 ක් ලබා ගත්තා.

කුසල් මෙන්ඩිස් ලකුණු 46(29)ක්ද, කමිඳු මෙන්ඩිස් ලකුණු 17(20)ක්ද, ධනංජය ද සිල්වා ලකුණු 34(26)ක්ද, චරිත් අසලංක ලකුණු 46(21)ක්ද, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 30(15)ක්ද, නායක වනිඳු හසරංග නොදැවී ලකුණු 20(06) ක්ද, රැස් කිරීමට සමත් වුණා.

එමෙන්ම, පැතුම් නිස්සංක සහ දසුන් ශානක ලකුණු කිසිවක් නොලබා දැවී ගියා.

පන්දු යැවීමේදී නෙදර්ලන්ත කණ්ඩායමේ Logan van Beek කඩුලු 02ක්ද, Vivian Kingma, Paul van Meekeren, Aryan Dutt, Tim Pringle එක් කඩුල්ල බැගින්ද දවා ගැනීමට සමත් වුණා.

අනතුරුව ලකුණු 202ක පිළිතුරු ඉනිමක් හඹා යාම සඳහා පිටියට පිවිසි නෙදර්ලන්තයට පන්දුවාර 16යි පන්දු 04ක් අවසානයේ කඩුලු සියල්ල දැවී රැස් කර ගැනීමට හැකිවුණේ ලකුණු 118ක් පමණයි

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *