පොලිසිය දුටු තරුණිය තාප්පෙන් පනී – කූරු ඇනී මරු දකී.

හෝමාගම, හිරිපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ පුද්ගලයින් දෙදෙනෙකු සමග මත්ද්‍රව්‍ය භාවිත කරමින් සිටි තරුණියක් පොලීසිය පැමිණෙන අවස්ථාවේදී නිවසේ ඉහළ මහලින් පැන පළායාමට උත්සාහ කිරීමේදී තාප්පය මතට වැටී තිබෙනවා.

එහිදී තාප්පයේ තිබූ යකඩ කූරු ඇයගේ උදරයේ ඇනී බරපතළ තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව වාර්තා වනවා.

මෙසේ මියගොස් ඇත්තේ පාදුක්ක, පහළ බෝපේ, කුරුන්දෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණියකි.

හෝමාගම හිරිපිටිය බෝගහවිල ප්‍රදේශයේ නිවසක පුද්ගලයින් දෙදෙනෙකු සහ කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය පානය කරන බවට එම ස්ථානයේ සිටි පුද්ගලයෙකුගේ බිරිඳ පොලීසියට පැමිණිලි කර තිබුණා.

එම පැමිණිල්ලට අනුව හොමාගම පොලීසිය එම ස්ථානය වෙත ගොස් පරින්ෂා කිරීමේ 19 හැවිරිදි තරුණිය එලෙස ඉහළ මහලින් පැන පළායාමට උත්සාහ ඇති බව සඳහන් .

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *