ශ්‍රී ලාංකික ISIS ත්‍රස්තයන් 4ක් ඉන්දියාවේදි කොටුවෙයි.

ඉන්දියාවේ ගුජරාට් ත්‍රස්ත විරෝධී කණ්ඩායම (ATS) අහමදාබාද්හි සර්දාර් වල්ලබ්භායි පටෙල් ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ISIS ත්‍රස්තවාදී සැකකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් ඔවුන් සියලු දෙනාම ශ්‍රී ලාංකිකයන් බවයි ඉන්දියාවේ හින්දුස්ථාන් ටයිම්ස් වාර්තා කරන්නේ.

ගුජරාට් ATS විසින් සැකකරුවන් දැඩි ලෙස ප්‍රශ්න කිරීම සඳහා හෙළි නොකළ ස්ථානයකට ගෙන ගොස් ඇති බවත් TV9 ගුජරාටි වාර්තා කරනවා.

ඔවුන් අහමදාබාද් ගුවන් තොටුපළේ සිටීම පිටුපස ඇති නිශ්චිත චේතනාව සහ අභිප්‍රාය පැහැදිලි නොවන බවයි වාර්තා වෙන්නේ.

කෙසේ නමුත් මෙම සිදුවීමෙන් පසු ගුවන් තොටුපල පුරා ආරක්ෂාව තර කර ඇතැයිද ඉන්දියන් මාධ්‍ය වාර්තා කරනවා.

IPL කණ්ඩායම් තුනක් සුදුසුකම් ලැබීමේ සහ ඉවත් කිරීමේ තරඟ සඳහා අහමදාබාද් ගුවන් තොටුපළට පැමිණීමට පෙර මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇති බවයි හින්දුස්ථාන් ටයිම්ස් වාර්තා කරන්නේ.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *