දකුණු අප්‍රිකාව අවසන් පූර්ව වටයට.

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි අටදෙනාගේ වටයේ දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගයේ ජය දකුණු අප්‍රිකාවට හිමි වුණා..

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සිය පන්දු ඕවර 20දී කඩුලු 8ක් දැවී ලකුණු 135ක් රැස්කළ අතර රෝස්ටන් චේස් පන්දු 42කදී ලකුණු 52ක් ලබා ගත්තා.

දකුණු අප්‍රිකානු ඉනිමේදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවූ අතර ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව දකුණු අප්‍රිකාවට ඕවර 17කදී ලකුණු 123ක් ලබාගැනීමට සිදුවුණා.

එම ඉලක්කය පන්දුවාර 16.1කදී සපුරා ගනිමින් දකුණු අප්‍රිකාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *