ශ්‍රී ලංකා තරගයට වැස්ස හරස් වෙයිද ?

ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලානයේ ක්‍රීඩාකරන මීළඟ තරගය ලෝඩර්හිල්හිදී නේපාලයට එරෙහිව පැවැත්වෙන අතර, මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (12දා) අළුයම 5.00ට ආරම්භවීමට නියමිතව තිබෙනවා.

කෙසේ නමුත් ක්‍රීඩාංගණයෙන් ලැබෙන වාර්තා අනුව මෙම ප්‍රදේශයට දින කිහිපයක සිට දැඩි අකුණු සහිතව වර්ෂාවක් ඇඳ හැලෙමින් තිබේ.

විශේෂයෙන් රාත්‍රි කාලයේ වර්ෂාවේ වැඩිවීමක් තිබෙන බවද වාර්තා වෙනවා.

එසේ වුවහොත් ශ්‍රී ලංකා – නේපාල තරගයද රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වීමට කටයුතු යොදා ඇති නිසා, තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීමට වැඩි ප්‍රවණතාවක් තිබේ.

තරගය පැවැත්වෙන Central Broward Stadium (The CBRSP) ක්‍රීඩාංගණයේ අකුණු අනතුරු ඇඟවීමේ සංඥා පද්ධතියක්ද ස්ථාපිත කර ඇති අතර, අද දිනයේද එම පද්ධතිය විටින් විට නාද වී තිබේ.

එනිසා යම් හෙයකින් වර්ෂාව හේතුවෙන් හෝ අකුණු නිසා තරගය නතර කිරීමට සිදුවුව හොත්, තවත් තරගයක් ඉතිරිව තිබියදීම ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන සංචාරයත් එතැනින්ම නවතිනු ඇත.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *