ලංකාවට එමින් තිබූ නැවක් නිසා අමෙරිකාවටත් පාඩු වෙන හැටි.

ශ්‍රී ලංකාවට යාත්‍රා කරමින් තිබූ නෞකාව ගැටුණු ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලම කඩාවැටීමෙන් රැකියා අටදහසකට පමණ බලපෑම් එල්ල වී තිබෙනවා.

පිවිසුම් මාර්ගය යළි විවෘත කරන තුරු ඩොලර් මිලියන 15ක පමණ දෛනික පාඩුවක් විඳ ගැනීමට සිදුවන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

පසුගිය වසරේදී පමණක් අමෙරිකානු ඩොලර් බිලියන 80ක භාණ්ඩ හුවමාරු වූ මේ වරාය ජාතික සහ ජාත්‍යන්තර ආර්ථිකයේ වැදගත් සැපයුම් මාර්ගයක්වනවා.

නෞකාව පාලමෙහි ගැටෙන මොහොතේ ධාවනය වෙමින් තිබූ රතු පැහැති කුඩා ට්‍රක් රථයක සිරවී මියගොස් සිටි දෙදෙනකුගේ මළ සිරුරු ගොඩගැනීමට වෙරළාරක්ෂක කිමිදුම්කරුවන් මේවන විට සමත් වී තිබෙනවා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *