Sun. Sep 22nd, 2024

හෝමාගම ප්‍රදේශයේ හෝටලයකට අලාභ හානි සිදුකර එහි සේවකයින්ට ද පහරදී පළාගිය පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් 11දෙනෙක් සහ සිසුවියක් හෝමාගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ගැටුම හටගෙන ඇත්තේ අදාළ සිසුන් විසින් හෝටලයේ සංවිධානය කර තිබූ සාදයක් අතරතුරයි.

ගැටුමෙන් තුවාල ලැබූ හෝටල් සේවකයෙක් මේ වනවිටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් ඉකුත් 30 වනදා රාත්‍රියේ ප්‍රිය සම්භාෂණයක් පවත්වා තිබුණේ හෝමාගම ප්‍රදේශයේ පිහිටි හෝටලයකදීයි.

එහිදී ඔවුන් දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබුණා.

ගැටුම උත්සන්න වීම හේතුවෙන් හෝටල් සේවකයින් එය නැවැත්වීමට උත්සාහ කළත් ඉන් පළක් වී නොමැත.

අනතුරුව 119 හදිසි ඇමතුම් අංකය ඔස්සේ සිදුවීම පොලීසියට දැනුම්දීමට හෝටල් කළමනාකාරීත්වය පියවර ගැනීමත් සමග හෝටලයේ බිල්පත් සඳහා මුදල් නොගෙවා එම ස්ථානයෙන් පළායෑමට සිසුන් උත්සහ කර තිබෙනවා.

හෝටලයේ සේවකයින් ඒ වනවිටත් එහි ගේට්ටු වසාදමා තිබීම නිසා සිසුන් තාප්පයෙන් සහ ගේට්ටුවෙන් පැන පළායන ආකාරය වීඩියෝවල දැක්වෙයි.

එම අවස්ථාවේ එක් සිසුවෙක් මෝටර් රථයකින් හෝටලයේ ගේට්ටුව කඩාදමමින් ඊට ඇතුළු වන අයුරුද කැමරාවල සටහන්වී තිබෙනවා.

එහිදී ඔහු හෝටලයේ සේවකයෙකු අනතුරට ලක්කරන ආකාරයද සීසීටීවී කැමරාවේ දැක්වෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගත් සිසුන් 11ක් සහ ශිෂ්‍යාවක් හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැරුණා.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *