Thu. Sep 19th, 2024

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා ගමන්ගත් රථය යතුරුපැදියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

ඊයේ (27) සවස එම අනතුර සිදුව ඇති බව කිලිනොච්චිය පොලීසිය පවසයි.

පොලීසිය පැවසූවේ කොළඹ සිට යාපනය දක්වා ගමන්ගත් මන්ත්‍රීවරයාගේ රථය කිලිනොච්චිය 155 කිලෝමීටර කණුව ප්‍රදේශයේදී යතුරුපැදියක ගැටී ඇති බවය.

අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර, මන්ත්‍රීවරයාගේ වාහනයේ ඉදිරිපස කොටසකට සුළු හානියක් සිදුව ඇති බවද පොලීසිය සඳහන් කළේය.

යතුරුපැදිකරුගේ අපරීක්ෂාකාරි ධාවනය අනතුරට හේතුවි ඇති බවද පොලීසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *