Mon. Sep 16th, 2024

මෙරට ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ සමස්ථ සූර්ය බලයෙන් විදුලිය උත්පාදනය කිරීම මෙගාවොට් 1000 දක්වා ඉක්මවීමට හැකිවී ඇති බව බලශක්ති අමාත්‍යංශය පවසනවා.

බලශක්ති අමාත්‍යංශය පෙන්වා දෙන්නේ වහළය මත සූර්ය පැනල මගින් මෙගාවොට් 944ක් සහ බිම්ගත සූර්ය පැනල මගින් මෙගාවොට් 156ක් ජාතික පද්ධතියට එකතු කර ඇති බවයි.

මෙම වර්ෂය අවසන් වනවිට වහළය මත සවිකළ සූර්ය පැනල මගින් පමණක් මෙගාවොට් 1000 ඉක්මවූ විදුලි උත්පාදනයක් ජාතික පද්ධතියට එකතු කිරීමට නියමිත බවත් වාර්තා වනවා.

විදුලිබල මණ්ඩලයේ දීර්ඝ කාලීන උත්පාදන සැලසුම අනුව ඉදිරි වසර 4 තුළ සෑම වසරකම වහළය මත සූර්ය පැනල මගින් මෙගාවොට් 150 බැගින් ජාතික පද්ධතියට එකතු කිරීමටත් මේවනවිට සැලසුම් කර තිබෙනවා.

බලශක්ති අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම වසරේ පළමු මාස 5 තුළ පමණක් වහළය මත සූර්ය පැනල මගින් මෙගාවොට් 132ක් ජාතික පද්ධතියට එකතු කිරීමට හැකිවී ඇති බවයි.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *