ලෝකයේ සුපිරිම අන්නාසි ලංකාවටත් එන ලකුණු.

ලෝකයේ ජනප්‍රියම අන්නාසි ප්‍රභේදයක් වන MD 2 හෙවත් Super Sweet pine apple (Ananas Comosus) අන්නාසි ප්‍රභේදය ශ්‍රී ලංකාවේ වගාව සඳහා කඩිනමින් නිර්දේශ දෙන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබෙනවා.

MD 2 අන්නාසි ප්‍රභේදය සඳහා ලෝක වෙළෙඳපොළේ විශාල ඉල්ලුමක් පැවතිය ද මේ වන තෙක් එම අන්නාසි ප්‍රභේදය මෙරට වගා කිරීමට පියවර ගෙන නැතැයි ද මිහිරි රසයකින් මෙන්ම අවම ආම්ලිකතාවයකින් යුත් එම අන්නාසි ප්‍රභේදය මෙරට වගා කිරීම සඳහා කළ පර්යේෂණ සාර්ථක වී ඇතැයි ද කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළා.

මේ නිසා බෝග නිදහස් කමිටුවේ නිර්දේශ යටතේ මෙම MD 2 අන්නාසි ප්‍රභේදය ශ්‍රී ලංකාවේ වගාව සඳහා නිර්දේශ කිරීමේ කටයුතු කඩිනම් කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නා.

කෘෂි අංශ නවීකරණ වැඩ සටහන යටතේ මෙම MD 2 අන්නාසි ප්‍රභේදය ශ්‍රී ලංකාවේ වගාවට කළ පර්යේෂණ සාර්ථක වී තිබෙන අතර ගොවීන්ද මෙම අන්නාසි ප්‍රභේදය වගා කිරීම සඳහා කැමැත්ත පළ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *