සාමාන්‍ය පෙළ සිසුන්ට සතුටුදායක ආරංචියක්.

0
73

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහාම උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, පසුගිය කොවිඩ් ව්‍යසන සමයේ පාසල් වසා තැබීම නිසා අතපසු වූ අධ්‍යයන කටයුතු හා පාසල් විභාග කාලසටහන යථාවත් කිරීමේ වැඩපිළිවෙළ අනුවයි.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ බව ප්‍රකාශ කළේ, පැවසුවේ ජාතික අධ්‍යාපන ආයතනයේ නිල අන්තර්ජාල ගුවන් විදුලි නාලිකාව (NIE Visual Radio) ආරම්භ කිරීමේ වැඩසටහනට එක්වෙමින්.

එහි දී වැඩිදුරටත් අදහස් පළ කරමින් ඒ මහතා කියා සිටියේ, මෙම අභියෝගාත්මක කාර්යය සිදු කිරීම සඳහා ගුරුභවතුන්ගේ ද දැඩි කැපවීමක් අවශ්‍ය බවයි.

ඒ සඳහා මේ වන විටත් උසස් පෙළ විද්‍යා, ගණිත, තාක්ෂණවේදය හා විදේශ භාෂා විෂය ධාරා ඉගැන්වීමට අලු‍තෙන් ගුරුවරුන් 3000ක් බඳවා ගන්නා බව ද ඔහු ප්‍රකාශ කළා.

මේ සතිය තුළ ඔවුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ පවත්වා අවසන් කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්.

1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණි දක්වා පමණක් පන්ති පවතින පාසල්වල දරුවන් උසස් පෙළ හැදෑරීමට වෙනත් පාසලකට ඇතුළත් වීමේ ගැටලු‍වක් මෙහි දී මතු වනවා.

ඊට විසඳුම් ලෙස අමාත්‍ය මණ්ඩල සන්දේශයක් හරහා අනුමැතිය ලබාගෙන එම පාසල්වල දරුවන්ට ප්‍රතිඵල ලැබෙන තෙක් අවශ්‍ය පාසල්වලට සුදුසු පරිදි අනුයුක්තයක් ලබා දීමට ක්‍රියා කරන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ.

පාසල් දරුවන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඇති විය හැකි අනිසි ප්‍රමාදයන් වළක්වා ගැනීම මෙහි අරමුණ වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here