ඕස්ට්‍රේලියාව අසරණ කරමින් ඇෆ්ගන් පිල තරගය ජයගනී.

පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැති තරගය ලකුණු 21කින් ජය ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් විය.

මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ කඩුළු 6ක් දැවී ලකුණු 148ක් රැස්කර ගැනීමට සමත් විය.

ඇෆ්ගනිස්ථාන පිල වෙනුවෙන් කණ්ඩායමේ ආරම්භක පිතිකරු රහමනුල්ලා ගුරුබාස් පන්දු 49කදී දැවැන්ත හයේ පහර 4ක් සහ හතරේ පහර 4ක් ද සමග ලකුණු 60ක් රැස්කර ගත්තේය.

ඊබ්‍රාහිම් සඩ්රාන් පන්දු 48කදී රැස්කගත් ලකුණු සංඛ්‍යාව 50කි.

ඊට හතරේ පහර 6ක් ද ඇතුළත් වේ.

පන්දු යැවීමේදී පැට් කමින්ස් කඩුළු 3ක් දවා ගැනීමට සමත් විය.

අනතුරුව පිටියට පැමිණි ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 2කදී සියලුදෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 127ක් පමණී.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 59ක් රැස්කර ගැනීමට සමත් විය.

ඊට දැවැන්ත හයේ පහර 3ක් සහ හතරේ පහර 6ක් ද ඇතුළත් වේ.

පන්දු යැවීමේදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් ගුල්බඩින් නබී කඩුළු 4ක් දවා ගැනීමට සමත් විය.

නවීන් උල් හක් දවා ගත් කඩුළු සංඛ්‍යාව 3කි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *