විස්සයි20 ලෝක කුසලානයේ කවුරුත් නොදත් සල්ලි මල්ල මෙන්න.

අමෙරිකාවේදී දැන් පැවැත්වෙන නවවැනි විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරයන්ට ඇමෙරිකානු ඩොලර් මිලියන 2.45 ක් හෙවත් රුපියල් කෝටි 73 කට අධි මුදල් ත්‍යාගයක් පිරිනමන බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව අ නිවේදනය කළා.

අනු ශූරයන්ට ඇමරිකානු ඩොලර් මිලියන 1.28 ක් හෙවත් රුපියල් කෝටි 38 කට අධික මුදලක් පිරිනමන බව ද අන්තර්ජාතික ක්‍රිකට් සභාව සඳහන් කරනවා.

අවසන් පූර්ව වටයේදී පරාජයට පත්වන කණ්ඩායම්වලට අමෙරිකානු ඩොලර් 787,500 ක් හෙවත් රුපියල් කෝටි 23 කට අධික මුදලක් බැගින් පිරිනමන බවත් මෙවර තරගාවලියේ ත්‍යාග සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 11.25 ක් හෙවත් රුපියල් කෝටි 337 කට අධික මුදලක් වෙන්කර ඇති බවත් අන්තර්ජාතික ක්‍රිකට් සභාව වැඩිදුරටත් සඳහන් කරනවා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *