තායිවානයේ භූකම්පන අසූ ගණනක්.

තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයේ ඊයේ රාත්‍රියේ රිප්ටර් මාපකයේ 6.3 ප්‍රබලතම භූමිකම්පනයක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

එම භූ කම්පනයත් සමග තවත් භූ කම්පන 80 කට වැඩි ප්‍රමාණයක් ඇති වූ අතර සමහරක් තායිපේ අගනුවර ගොඩනැගිලි සෙලවීමට හේතු වූ බව එ රට කාලගුණ පරිපාලනය අංශය පෙන්වා දෙනවා.

එම භූමිකම්පා ග්‍රාමීය නැගෙනහිර ප්‍රාන්තයේ හුආලියන් ප්‍රදේශය කේන්ද්‍ර කර ගෙන සිදුව තිබෙනවා.

පසුගිය අප්‍රේල් 3 වන දින 7.2 ක කම්පනයකින් පසු අවම වශයෙන් පුද්ගලයන් 14 දෙනෙක් මිය ගියා.

එතැන් සිට තායිවානය පසු කම්පන සිය ගණනක් වාර්තා වී තිබුණා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *