Thu. Sep 19th, 2024

මේ කියන්න යන්නේ ඔබ බොහෝ දෙනෙක් සිහිනෙකින්වත් නොසිතන කතාවක්.. මේ කතාව කියනකොට ඔබට හිතෙනවා ඇති මේ වෙන රටක් කියලා..

නෑ මේ ලංකාවේ පුවතක්.. අපේ මිනිස්සු මේ තරම් මුලාවට දමන වෛද්‍ය‍වරුන් ඉන්නවා කියලා ඔබ විශ්වාස කරනවාද…? ඔව් මේ එහෙම කතාවක්.. මෙ කතාව ඇසෙන්නේ මාතර දිස්ත්‍රික්කයෙන්..

ඇය දරුවෙක් එක්ක අසරණ වුණ මවක්.. මේ ලෝකේ අම්මා කෙනෙක්ට තියන වටිනම වස්තුව තමයි දරුවෙක් කියන්නේ.. හැම වෙලාවකම තමන්ට තියන ආර්ථික ප්‍රශ්නවලින් පීඩාවට පත්වුණ මේ අම්මා දරුවාව පෝෂණය කරන්නත් විශාල දුක් කන්දක් විඳලා.. පුංචි දරුවෙකුට දෙන්න ඕන කිරිපිටි ආහාරවලට මේ දවස්වල විශාල මිලක් නියම වෙලා තියන එක ඒකට එක හේතුවක්..

කොහොම වුණත් ලංකාවේ නීතියෙන් තහනම් දෙයක් ඇය කරන්නට සැරසෙන්නේ වෙන කිසිම දෙයක් නිසා නෙවෙයි තමගේ දරුවාට ලස්සන අනාගතයක් සාදා දෙන්නයි.. ඇය මේ නිසා ඇගේ වකුගඩුවක් දන් දෙන්නට තීරණය කරනවා..

ඒත් ඉන් සැහෙන මුදලක් ඇයට ලැබෙන්නේ නැහැ.. වකුගඩුවක් අලෙවි වෙන මිල ලක්ෂ 30කට ආසන්න වුණත්, ඉන් ඇයට ලැබි ඇත්තේ ඉතාම සුළු මුදලක්.. සමහරවිට මේ තරම් අමාරු තීරණයක් ගත්ත ඇයට මේ ලැබුණ මුදලෙන් නම් කොහෙත්ම සැහීමකට පත්වෙන්න බැරි වෙන්න ඇති.. ඇය ඇත්තටම ඒ නිසා මේ ගැන බයෙන් වුණත් වෛද්‍ය සභාවට පැමිණිලි කරන්න හිතලා..

රජයේ වෛද්‍යවරයෙක් නිසා ඇය මේ වැඩේට කැමැත්ත දුන්නත් අවසානයේ ඇයගේ සැත්කම පෞද්ගලික රෝහලක සිදුකළා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ.. කොහොම වුණත් මේ ලංකාවේ සිදුවෙන තවත් එක ජාවාරමක් විතරයි,..

අවයව දන්දීම මෙරට නීතියෙන් තහනම් වුණත්, මේ වගේ වැඩ දැන් මොනතරම් තැන්වල ලංකාවේ සිදුවෙනවා ඇතිද..?

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *