තෙවරප්පෙරුමට වැදුණේ විදුලි සැර ද අකුණු සැර ද – නිසි පිළිතුරක් තවම නෑ.

හිටපු අමාත්‍යවරයා වයර් දෙකක් සම්බන්ධ කිරීමට ගොස් ඇති බවත් එහිදී විදුලිසැර වැදී ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇතත් ඔහු ලොරියකට මඳක් ඈතින් වැටී සිටිනු දැක සේවකයන් කඩිනමින් පෞද්ගලික වෑන් රථයකින් කළුතර ශික්ෂණ රෝහලට රැගෙන විත් ඇති බවටද කරුණු අනාවරණය වී තිබුණා.

ඒ වන විටත් තෙවරප්පෙරුම මහතා මියගොස් සිට ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

අනතුර වී ඇති අවස්ථාවේදී දී තවත් සිවුදෙනකු ලොරි රථයකින් පොහොර තොගයක් බාමින් සිට ඇති බව පොලිසිය කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මියගියේ විදුලි සැර වැදීමකින් ද? අකුණු සැර වැදීමකින් ද ? යන්න සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිතව තහවුරුවී නොමැති බව වාර්තා වනවා.

සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද (17) පැවැත්වීමට නියමිතයි

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *