ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිවලට නැවත අවදානය.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි පද්ධතිය සංවර්ධන සැළසුම් සහ ප්‍රගතිය සමාලෝචනය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පැවසීය.

ත්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් ශ්‍රී ලංකා සමාගමේ කළමනාකාරීත්වය සහ අමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවකදී එම තීරණය ගත් බව ද කීය.

ඛනිජ තෙල් සංස්ථාව සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඒකාබද්ධ ව්‍යාපාරය ලෙස පවත්ගෙන යන තෙල් ටැංකි 61 කින් යුත් එම පද්ධතියේ සියලුම ටැංකිවල තත්වය පරීක්‍ෂා කිරීම, නළ මාර්ගය සැලසුම් කිරීම, යටිතල පහසුකම් අදියර වශයෙන් සංවර්ධනය කිරීම, දේශීය සහ අපනයන කටයුතු සඳහා ඉන්ධන ගබඩා කිරීම සඳහා ටැංකි ඒකාබද්ධ කිරීමට මෙහිදී තීරණය කර තිබේ.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *