ලෝක විවාහක රූ රැජින තරගයට යන තුෂාරි.

0
57

අමෙරිකාවේ පැවැත්වෙන ලෝක විවාහක රූ රැජින – 2024 තරගාවලිය සඳහා (Queen of the World Pageant) ලංකාව නියෝජනය කරන රූ රැජිනකි තුෂාරි ජයකොඩි

තුෂාරි ජයකොඩි මහත්මිය නියෝජනය කරන්නේ, වයස අවුරුදු 50ට වැඩි රූ රාජිනියන්ට වෙන්වුණු ”World Elite Queen” තරග කාණ්ඩය වීම විශේෂ කාරණයක්.

එමෙන්ම මෙම තරග කාණ්ඩය යටතේ ලංකාව නියෝජනය කරන පළමු තරගකාරිය වන්නේත් ඇයයි.

ඒ අනුව හෙට (21) සිට ලබන 25 වැනිදා දක්වා අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී පැවැත්වීමට නියමිත තරගාවලියට සහභාගී වීම සඳහා, ඇය ඊයේ (19) දිවයිනෙන් පිටත්ව ගොස් තිබුණා.

ලෝකයේ රටවල් 33ක විවාහ රූ රැජිනියන් සමඟ තරගවැදී ලාංකීය නාමය ජාත්‍යන්තරයට රැගෙන යාමයි, තුෂාරි ජයකොඩිගේ එකම බලාපොරොත්තුව.

පසුගියදා පැවති ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගාවලියේ වයස අවුරුදු 50ට වැඩි තරග කාණ්ඩයේ රූ කිරුළ හිස දරාගෙන ඈ මේ යන්නේ, ජාත්‍යන්තරය ජයගෙන සිය බලාපොරොත්තුව සඵල කරගැනීමට.

විවාහක කාන්තාවකට, විශේෂයෙන්ම වයසින් වැඩි ලොකු දරුවො ඉන්න කාන්තාවකට තුෂාරි ජයකොඩිගේ කතාව තුළ ආදර්ශ රැසකි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here