ටික්ටොක් තහනම් කරන්න අමෙරිකාවට මග පෑදේ.

ටික්ටොක් තහනම් කිරීම සඳහා මඟ පෑදෙන පනත් කෙටුම්පත සඳහා අමෙරිකානු සෙනෙට් මණ්ඩලය සිය අනුමැතිය ලබාදී තිබෙනවා.

ටික්ටොක් හිමිකරු වන බයිට්ඩාන්ස් සමාගමට ඒ අනුව එම මෙවලමේ තමන් සතු කොටස් විකිණීමට මාස 9ක කාලයක් ලබාදී ඇති අතර එම කාලය තුළ කොටස් විකිණීම සිදුනොකළහොත් ටික්ටොක් අමෙරිකාව තුළ තහනම් කිරීමට නියමිතයි.

මෙම පනත් කෙටුම්පත නුදුරේදීම අනුමැතිය සඳහා ජනාධිපති ජෝ බයිඩන් වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර ඔහු පවසා ඇත්තේ තමාට එය ලැබුණු විගස ඊට සිය අත්සන තබා එය නීතියක් බවට පත්කරන බවයි.

එය එසේ සිදුකළහොත් ටික්ටොක් කොටස් විකිණීම සඳහා බයිට්ඩාන්ස් සමාගමට චීන බලධාරීන්ගේ අනුමැතිය ලබාගත යුතුයි. ඔවුන් පවසන්නේ මෙය කොටස් විකිණීමට බලහත්කාරය පෑමක් ලෙසයි.

ඊට කිසිසේත් එකඟ නොවන බව චීනය පැවසුවා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *