Sun. Sep 8th, 2024

හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ව්‍යාපාරික වාර්තා අසත්‍ය ලෙස සකස් කිරීමේ චෝදනා 34කට අදාළව වරදකරු බවට මෑන්හැටන් ජූරි සභාවක් තීන්දු කර තිබෙනවා.

අදාළ තීන්දුව ඓතිහාසික තීන්දුවක් බවට ප්‍රකාශ කරමින් විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබුණේ අමෙරිකානු ඉතිහාසයේ අපරාධ චෝදනාවකට වරදකරු වූ පළමු ජනාධිපතිවරයා ට්‍රම්ප් බවයි.

එමෙන්ම මැතිවරණ කාලවකවානුවක් අතර අපරාධයකට වරදකරු වූ පළමු ප්‍රධාන පක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙසද ඔහු ඉතිහාසගත වනවා.

මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර තිබුණේ ජූරි සභිකයන් දින දෙකක් පුරා පැය 12කට ආසන්න කාලයක් සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *