උපාධිධාරී ගුරුවරු බඳවා ගැනීම ගැන දැනුම්දීමක්.

දිවයිනේ ජාතික පාසල්වලට ගුරු සේවය සඳහා බැඳවා ගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

ජාතික පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග‍්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා
උපාධිධාරීන් ශ‍්‍රී ලංකා ගුරු සේවයේ 3-1 (අ) ශ්‍රේණියට බඳවා ගැනීම 2023 (2024)සම්බන්ධයෙන් මෙම නිවේදනය නිකුත් කර ඇත.

ඒ අනුව පසුගිය මාර්තු 2 වන දින පවත්වන ලද තරග විභාගයේ ප්‍රතිඵල අනුව බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අප්‍රේල් මස 29 වන දින සිට මැයි 9 වන දින දක්වා ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වේ.

සුදුසුකම් ලැබූවන්ගේ නාම ලේඛනය හා කැඳවීමේ ලිපිය අධ්‍යාපන අමාත්‍යාංශයයේ වෙබ් අඩවියේ පළ කර ඇති බව ද අමාත්‍යාංශය නිවේදනය කරයි.

මේ අතර පාසල් පද්ධතිය තුළ පවතින බරපතළ ගුරු හිඟය පියවීම සඳහා අධ්‍යාපන බලධාරීන් මේ වනතෙක් කිසිදු විධිමත් වැඩටහනක් සකස් කර නොමැති බව ලංකා ගුරු සංගමය පවසයි.

එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා පැවසුවේ බඳවා ගත් ගුරුවරු ක්‍රමවත් පරිදි ස්ථානගත කර නොමැති බවය.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *