රැකියාව නිසා අතරමග නතර වෙන්න සිද්ධ වුණා.

උපේකා රවිහාරි රණසිංහ කියලා කියන්නේ නව පරපුරේ රංගන ශිල්පිනියක්. දෙවෙනි ඉනිම සීසන් 01 ටෙලි නාට්‍යයේ ලිහිණිගේ චරිතයට පණදුන් ශලිනි අතරමගදී ඒ චරිතයෙන් ඉවත්වුණා කියලා අපි හැමෝම දන්නවනේ.

ඉන් පසුව උපේකා තමයි ලිහිණිගේ චරිතයට පණ දුන්නේ. ඒත් කවුරුත් නොහිතූ විදිහට දෙවෙනි ඉනිම සීසන් වන් එකෙන් පසුව උපේකත් ලිහිණිගේ චරිතයට සමු දුන්නා. ඒත් දෙරණ නාළිකාවේම විකාශය වන ප්‍රාර්ථනා ටෙලි නාට්‍යය නිසා දැන් පළවෙනි ලිහිණිට දෙවෙනි ලිහිණි නිතරම මුණගැහෙනවාලු. ඒ ගැන උපේකා අපිට කිව්වේ මෙන්න මේ වගේ කතාවක්.

“ප්‍රාර්ථනා ටෙලි නාට්‍යය මේ දවස්වල අතිශයින් ජනප්‍රියයි. ඇත්තටම ඒක ලස්සන කතාවක්. ඒ වගේම මේ ටෙලි නාට්‍යය මට විශේෂයි. ප්‍රාර්ථනා ටෙලි නාට්‍යය නිසා මට දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ ලිහිණිගේ චරිතයට පණ දුන්න ශලිනිව ඇත්තටම මුණ ගැහුණා. කාලයක් ඇය කළ ලිහිණිගේ චරිතයේ ඉතිරි කොටස මමත් කළානේ. ශලිනි මුණ ගැසීම වගේම ඇය සමග වැඩ කරන්න ලැබීම සතුටක්. පළවෙනි ලිහිණි හා දෙවෙනි ලිහිණි එකම ටෙලිනාට්‍යකදී මුණ ගැහෙනවා කියන්නේ අනපේක්ෂිත දෙයක්. අනපේක්ෂිත වුණත් දැන් මම ඇයගේ නංගි විදිහට ප්‍රාර්ථනා ටෙලි නාට්‍යයේ රඟපානවා. ටෙලි නාට්‍යයට වගේම මගේ චරිතයටත් ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ලිහිණිලා දෙන්නම එකම කතාවක ඉන්නවා කියලා සමහරු කියනවා. ඉතින් ලැබෙන ප්‍රතිචාර ගැන හරිම සතුටුයි.”

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *