උප්පැන්නයක් නොමැති අයට හැඳුනුම්පතක් ලබාගැනීමට තවත් අවස්ථාවක්.

මෙතෙක් හැඳුනුම්පතක් ලබාගැනීමට නොහැකිවී ඇති උප්පැන්න සහතිකයක් නොමැති පුද්ගලයින් වෙනුවෙන් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට තවදුරටත් අවස්ථාව පවතින බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා සඳහන් කළේ මේ මස 30 වනදා දක්වා ඒ සඳහා අවස්ථාව පවතින බවයි.

මේ සඳහා ඉල්ලුම්පත් යොමු කිරීමට පසුගිය මාර්තු මස 31 වනදා දක්වා කාලය ලබා දී තිබුණු බව ද ඔහු තවදුරටත් සඳහන් කළා.

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා වැඩිදුරටත් පවසා සිටියේ, ප්‍රාදේශීය ලේකම්වරුන් එම කාලය දීර්ඝ කර දෙන ලෙසට කළ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් ඉල්ලුම්පත් යොමු කිරීම සඳහා මෙලෙස කාලය ලබා දීමට කටයුතු කළ බවයි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *