ගත්ත වීඩියෝ කොල්වලින් කරපු හරියක්.

0
96

දහ හත් හැවිරිදි පාසල් සිසුවියකගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලය හරහා පළ කළ බව පැවසෙන දහ අට හැවිරිදි පාසල් සිසුවකු මත්තේගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි (18) හැවිරිදි පාසල් සිසුවක්.

අත්අඩංගුවට ගත් සැකකරු නුගේගොඩ ප්‍රදේශයේ 1උපකාරක පන්තියකට යමින් සිටියදී මත්තේගොඩ කුඩමාදූව ප්‍රදේශයේ සිට පැමිණි 17 හැවිරිදි පාසැල් සිසුවියක සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් තිබෙන අතර, පෙම්වතා කිසියම් ඖෂධ වර්ගයක් පානය කරන බව දැන ගෙන ඒ පිළිබඳව විපරම් කිරීමේදී පෙම්වතාට නිදන්ගත රෝගයක් හට ගෙන ඇතැයි දැනගැනීම නිසා ප්‍රේම සම්බන්ධතාවය නවතාලීමට පාසල් සිසුවිය කටයුතු කර තිබෙනවා.

පසුව ඇය වෙනත් තරුණයකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් ආරම්භ කර ඇති අතර මේ බව දැනගත් අදාල තරුණයා ප්‍රේම සම්බන්ධතාව පවත්වාගෙන යමින් සිටි කාලයේදි වීඩියෝ ඇමතුම් මගින් ලබා ගන්නා ලද පාසල් සිසුවියගේ නිරුවත් ඡායාරූප ස්ක්‍රීන්ෂොට් මාර්ගයෙන් ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍්‍ය වෙත මුදාහැර තිබෙනවා.

මෙම ඡයාරූප අදාල සිසුවියගේ මිතුරියන් කිහිප දෙනෙකු දැක අදාල සිසුවියට දැන්වූ පසු මේ සම්බන්ධව පොලීසියට කල පැමිණිලිලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් මත්තේගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here